බිලිදාට එළකිරි නුසුදුසු ඇයි ?

මව්කිරි බිලිදෙකුට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථයන් නියමිත ප්‍රමානයෙන් සහ අනුපාත වලින් අඩංගු සම්පූර්ණ ආහාරයකි. දරුවාට අවශ්‍ය පෝෂණය සහ ආරක්ෂාව සැපයීම මෙන්ම දරුවා හා මව අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති කිරීමටද ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මව්කිරි සමත් වේ. මීට අමතරව කිරි උරා බීමේදි දරුවාගේ මුහුනේ සහ හනු වල පේෂි නිසි ලෙස වර්ධනය වන අතර තාවකාලිකව මව තුල උපත් පාලනයක්ද ඇතිවේ. එමගින් ස්වභාවිකව දරුවන් අතර වයස් පරතරයක් ඇති වන අතර මව සදහා පියයුරු පිළිකා කෙරෙහි ඇති අවධානම අඩු කිරීමටද මව්කිරි සමත් වේ. 
මානව මව්කිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ගැන සැලකීමේදි එහි අඩංගු කාබෝහයිඩ්‍රේටයන්ගෙන් 80%ක්ම ලැක්ටෝස් අඩංගු වේ. ලැක්ටෝස් වලට අමතරව මොනොසැකරයිඩ වර්ග, ඔලිගොසැකරයිඩ හා ග්ලයිකොප්‍රෝටිනද අඩංගු වේ. 

ප්‍රෝටීන පිලිබදව සැලකීමේදි මානව මව්කිරි වල අඩංගු ප්‍රෝටීන වලින් 30-40%ක ප්‍රමාණයක් Casein ප්‍රෝටීන වන අතර 70-80% Whey ප්‍රෝටීන වේ. මානව මව්කිරි වල අඩංගු Casein ප්‍රෝටීන එළකිරි වල අඩංගු ප්‍රෝටීන වලට වඩා පහසුවෙන් ජීරණය වේ.
මානව මව්කිරි වල අඩංගු නයිට්‍රජන් වලින් 25%ක ප්‍රමාණයක් ප්‍රෝටීනමය නොවන සංයෝග වන අතර urea, glucosamine, free amino acids, polyamines සහ biologically active peptides මේ සදහා නිදසුන් වේ.

මානව මව්කිරි වල සංතෘප්ත , අසංතෘප්ත මේද අම්ල සහ දරුවාගේ මොළයේ සහ ස්නායු පද්ධතියේ වර්ධනයට අත්‍යාවශ්‍ය වන ඔමේගා 3 සහ ඔමේගා 6 අත්‍යාවශ්‍ය මේද අම්ල වලින් සමන්විත වේ.
මීට අමතරව ලැක්ටොෆෙරීන් වැනි ක්ෂුද්‍ර පෝෂක වර්ග හා ඇතැම් හෝමෝන වර්ග ද අඩංගු වේ.

එළකිරි සහ මානව මව්කිරි සැසදීමේදි මානව මව්කිරි වලට සාපේක්ෂව එළකිරි තුල අධික ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ. අලුත උපන් වහු පැටවෙකුගේ ශරිරයේ සිදුවන වේගවත් වර්ධනයට මෙම ප්‍රෝටීන හේතු වේ. නමුත් මානව මව්කිරි වල තරමක් අඩු ප්‍රෝටීන ප්‍රමාණය හා ඉහළ මේද ප්‍රමාණය හේතුවෙන් දරුවාගේ ශරීර වර්ධනයට වඩා දරුවාගේ මොළයේ සහ ස්නායු පද්ධතියේ වර්ධනයත් බුද්ධි වර්ධනයත් සිදුවේ.
දරුවාට වයස අවුරුදු 1ක් සම්පූර්ණ වීමටත් ප්‍රතමව දරුවාට මව්කිරි වෙනුවට එළකිරි ලබාදීම තුලින් දරුවාගේ බුද්ධි වර්ධනයට බාධා ඇතිවෙන අතර අධික ප්‍රෝටීන ප්‍රාමාණය නිසා බිලිදා ඇතැම් ආසාත්මිකතාවයන්ට ලක්වීමේ අවධානමක්ද පවතී.

Comments

Popular posts from this blog

දියබත් ගැන දැනගනිමු😎

ආහාරයේ අඩංගු තන්තු වල වැදගත්කම

තම්බපු සහල් වල ගුණ පිළිබදව ඔබ මීට පෙර දැනගෙන සිටියාද ????