දියබත් ගැන දැනගනිමු😎
#මොනාද මේ දියබත් කියන්නෙ??
රාත්‍රී කාලයේදි ඉතිරි වන බත් වලට යාන්තම් වැසෙන සේ පිරිසිදු ජලය දාලා උදේට හදාගන්න පුලුවන් දිව්‍යමය ඖෂධයක් තමයි දියබත් කියන්නෙ.
#මොනවගේ රෝග වලටද දියබත් හොද?🤔🤔
ඔයාට තියෙන්නෙත් ඌෂ්නාධික සිරුරක්ද??? 😧එහෙම නැත්තම් වියලි කාලයත් එක්ක ඇස් වල රෝග, සමේ ආසාදන #කට, දිව පැලීම් #කටේ තුවාල ඇතිවීම😩 #යටිපතුල් පැලීම් #ශරීරයේ දැවිල්ල ඇතිවීම😨 වගේ අපහසුතා වලට මුහුන දෙන්න වෙනවද???🤢
ඉතින් මේ වගේ රෝග වලටත් #ගැස්ට්‍රයිටීස් වලටත් දියබත් කියන්නෙ ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.
ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ බැලුවම දියබත් වලින් කෙරෙන්නේ විසෙන් විෂ නැසීමක්. ඒ කියන්නෙ දෙහියුෂ සහ රතුළුණු වගේ ආම්ලික ආහාර අඩංගු දියබත දිවට වැටුණු වහාම අපිට දැනෙන්නේ ආම්ලික ඇඹුල් රසයක්. ඒ නිසා අපේ ආමාශය භාශ්මියකරණයට සුදානම් වෙලා අමාෂයේ අම්ල ස්‍රවය අඩු කරනවා. ඒ වගේම ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි එකතු උනාම ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කරලා බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාරයක් ලැබෙනවා.හීල් බත් වලට පොල් කිරි එකතු උනාම දියබතට ලැබෙන අපුරු රසයක් වගේම තව වාසි ගොඩක් ලැබෙනවා.
>යම්තාක් දුරට කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග සදහා අවධානම අඩු කරනවා.
>අධික ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වනවා.
3. ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරලා ශරීරයේ විෂ ඉවත් කරනවා.
ඒ වගේම #දියවැඩියා රෝගයටත් ගුණදායක ආහාරයක් විදිහටත් දියබත් හදුන්වන්න පුලුවන්.
එහෙනම් අපි දැන් බලමු කොහොමද දියබත් හදාගන්නෙ කියල🍴
අවශ්‍ය ද්‍රව්‍ය :-
1. රාත්‍රියේ මුට්ටියේ ඉතිරිවන බත්(මැටි මුට්ටියක් නම් වඩාත් සුදුසුයි)
2. ලියාගත් රතුළුණු ගෙඩි කිහිපයක්
3. පොල් බෑයක කිරි
4. දෙහි බෑයක ඇඹුල්
5. අමුමිරිස් කරල් දෙක තුනක්
6. ලුණු ස්වල්පයක්
රාත්‍රියේදි ඉතිරිවන බත් යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා, උදෑසනදී බත් වලට ජලය උරාගෙන ජලයසිඳී තිබෙන බත හට්ටියෙන් ඉවත් නොකර එයටම උකු පොල්කිරි එකතු කර සිහින්ව ලියා ගත් රතුළූණු , අමුමිරිස් කරල් දෙක තුනක්, දෙහි යුෂ සහ අවශ්‍ය පමණ ලුණු දමාහොඳින් කලවම් කිරීමෙන් ඉතාම පහසුවෙන් මේ රසවත් ආහාරය අපිට පිලියෙල කරගන්න පුලුවන්.
ඉතින් මේ අමුද්‍රව්‍ය වල යොදාගෙන සාදන දිය බතට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශ වල දියබත් සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්.
අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරනවා. ඒ වගේම කන්ද උඩරට ඇතැම් ප්‍රදේශ වල මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීමත් සිදුවෙන බවට තමයි ආරංචි. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක් කර ගන්නත් අපිට පුලුවන්.
මේ කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නම් නෑ.

Comments
Post a Comment