ආහාරයේ අඩංගු තන්තු වල වැදගත්කම


අප ලබාගන්නා ආහාර වල අඩංගු තන්තු ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.
1.ද්‍රාව්‍ය තන්තු 
2.අද්‍රාව්‍ය තන්තු
අප ලබාගන්නා ආහාර වල අඩංගු inulin, pectin, glucan වැනි තන්තු ද්‍රාව්‍ය  තන්තු වලට උදාහරණ වේ. මෙම තන්තු ආහාර ජීර්ණ පද්ධතිය තුලදී එන්සයිම මගින් පැසීමට ලක් වී ජෙල් එකක් වැි සංයෝගයක් බවට පත්වේ. තවද පිත ඉවත් කිරීම මගින් සිරුර තුල කොලෙස්ටරෝල් දහනය ද වේගවත් කරයි.
 මේ ආකාරයට ආහාර වල අඩංගු ද්‍රව්‍ය තන්තු මඟින් රුධිරගත ග්ලූකෝස්  සහ මේද මට්ටම අඩු කරමින් දියවැඩියාව හා හෘද රෝග ආදී බෝනොවන රෝග සඳහා  අවධානම අඩු කරයි.
අප ලබාගන්නා ආහාර වල අඩංගු cellulose, Hemicellulose,lignin වැනි තන්තු අද්‍රාව්‍ය තන්තු වලට උදාහරණ වේ. මෙමගින් ආහාර මාර්ගය තුළ ජීවත් වන අපේ සිරුරට හිතකර ක්ෂුද්‍ර ශුද්‍ර ජීවීන්ගේ  වර්ධනය සහ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. අද්‍රාව්‍ය තන්තුවල තවත් වැදගත් වැදගත්කමක් වන්නේ එමගින් ආහාරය ආහාරයේ ප්‍රමාණය විශාලත්වයෙන් වැඩි කර (increase the bulkine) අප ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු කරයි. එයද රුධිරගත ග්ලූකෝස් හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වනවා සේම විශේෂයෙන්ම ස්ථුලතාව අඩුකර ගැනීමට මහෝපකාරී වේ.
මීට අමතරව ආහාරවල අඩංගු තන්තු මගින් අන්ත්‍රවල සිදුවන චලනයන් ක්‍රමවත්ව පවත්වා ගැනීමට, මල බද්ධයෙන් වැළකීමට සහ අන්තර් අන්ත්‍ර ආශ්‍රිත පිළිකා තත්ත්වයන්ගෙන්  වැළකීමට ද උපකාරී වේ .
කොහිල, අබරැල්ලා, කෙහෙල්මුව සහ සියලුම පලා වර්ග තන්තු බහුල එලවලු සඳහා උදාහරණ වන අතර පෙඒර පෙයාර්ස් සහ අඹ තන්තු බහුල පලතුරු වලින් කිහිපයක් පමණි.

Comments

Popular posts from this blog

දියබත් ගැන දැනගනිමු😎

තම්බපු සහල් වල ගුණ පිළිබදව ඔබ මීට පෙර දැනගෙන සිටියාද ????