Posts

Showing posts from October, 2019

තම්බපු සහල් වල ගුණ පිළිබදව ඔබ මීට පෙර දැනගෙන සිටියාද ????

අප එදිනෙදා වැඩි වශයෙන් ආහාරයට ගන්නා  # රතු_කැකුලු ,  # සුදු_කැකුලු ,  # සම්බා ,  # නාඩු  ආදි සහල් නිශ්පාදනය කිරීමේදි එම වී වර්ග කෙටීමට පෙර තැම්බීමක් සිදු කරන්නේ නෑ. මේ නිසා එම වී කෙටීමේදී පෝෂ් ‍ ය පදාර්ථයන් අඩංගු ඇතැම් කොටස් ඉවත් වීමක් සිදු වෙනවා. ගෘහස්ථව වී කෙටීමේදී මෙය තරමක් දුරට අඩු උනත් වී මෝල් වලදී යන්ත් ‍ රානුසාරයෙන් වී කෙටීමේදි මෙම හානිය ඉතාම වැඩියි.  ඒ වගේම සාමාන් ‍ ය සහල් වර්ග සේදීමේදීත් ඒවායේ අඩංගු ජල ද් ‍ රාව් ‍ ය බො හෝ පෝෂ් ‍ ය කොටස් ඉවත් වෙනවා. සහල් අනිවාර්යයෙන් සේදිය යුතු නිසා අපිට එය මගහරවා ගැනීමට ක් ‍ රමයක් නෑ. නමුත් තම්බපු සහල් වල මෙම ක් ‍ රියාවලිය තරමක් වෙනස්. වී තැම්බීම ප් ‍ රධාන පියවර 3ක් යටතේ සිදු කරනවා. 1. ජලයේ පෙගවීම: මෙහිදි වී වල තෙතමනය ඉහළ යාමක් සිදුවෙනවා  2. හුමාලයේ තැම්බීම: මෙහිදි සහල් වල පිටත් ස්ථර වල අඩංගු වන පෝෂ් ‍ ය කොටස් ඇතුලු ස්ථර වලට ගමන් කර පහසුවෙන් ඉවත් නොවන පරිදි තදින් සම්බන්ධ වේ. මීට අමතරව පිෂ්ටය ජෙලටිනීකරණයට ලක්වන අතර ඇතැම් බැක්ටීරියා වර්ග විනාශ කිරීමක්ද මෙම පියවරේදි සිදුවේ. 3. වියළීම. හිරු එලියේ...